විසිල් නැතුව බල්ටි කෙරුවාව...
(programming ගැන විතරමයි)

Tuesday 1 September 2009

මයෙ මැණික් කැටේ(දෙවන කොටස)

ආයිබොන්ඬලා... පහුගිය සති අන්තයෙ මුකුත්ම ලියන්න බැරි උනා නෙ. මාර විදියට බීසි (බීලා සිහියනැති) උනා. සෙනසුරාදා උදේ ඉදලා pig roast එකක්. änthräXගෙ යාලුවෙක් එතන යකා නටනවා. ග්‍රැං පෝං එකක් වගේ කෑලි දෙකක් තියාගෙන සිංදුවකින් පොඬි කොටහක් දාලා "රික් චික් රිකි චිකි, රිකිච්ච හිචි හිචි, හු.. ටාහ්.., හුටට්ටලා, බුං බුං චක්.., බුංව බුංච බුං.. වක්" ගාන්වා. ආයෙ සිංදුවක කෑල්ලක් දානව. එකම සීන් එකයි. උදේ ඉදලා එතන රස්තියාදු වෙවී ඉදලා එකයි + දෙකයි = පහයි කියන ගානට වැනි වැනී ඉන්නකොට මෙන්න බුවෙක් call කරපි "xx ගෙ birthday එකට යන්නෙ නැද්ද" කියලා. හුටා නෙ. ඉක්මනට ගෙදර දුවලා පැයක් විතර නාලා එකයි + දෙකයි = හතරයි කියන ගානට ඔලුව හදාගෙන ඕං එතෙන්ටත් දිව්වා. එතන පැය දෙකක් විතර ඉන්නකොට ඕං කියපි රැලට තව කොහෙද යන්නෝනලු. මම බෑම කිව්ව, blog එකට post එකක් ලියන්න තියනව කියලා. කොහෙද, මුන් බලෙන්ම මාව ගෙනියලා හොදටම පෙව්වනෙ. එපා කියද්දි හිර කරලා කටට වක් කරලා නහයයි කටයි තද කලරා "ගිලපිය" කියලා. මම ඉතින් බයට ගිල්ලා. අල්ලපු ගෙදර ආච්චි පල්ල. කොහොම කොහොම හරි 4.30 විතර වෙද්දි (ඉරිද උදේ) ගෙදර නම් ආවා. හවස පහට විතර නැගිටලා උදේට කාලා ruby post එක ලියනවද, ice age 3 බලනවද කියලා කාසියක් උඬ ඳැම්මා "නෝනා වැටුනොත් post එක ලියන්නෙ නෑ, පොල්ල වැටුනොත් film බලනවා කියලා". කරුමෙ කියන්නනෙ නෝනනෙ වැටුනෙ. :D බනින්න තියනවනම් පොතේ ගුරාට බනින්න. තිස්සෙම film දෙනව.. මල කරදරේ. මේං ඔන්න මම ඇත්තම කිව්ව නිසා (බාගෙට) බනින්න ඔට්ටු නෑ හරිද?

හරි, අනං මනං නවත්තලා වැඬේට බහිමුකො එහෙනම්.

ඉස්කෝලෙ යන කාලෙ පුල්ස්කැප් කොලයලක් පිරෙන්න "මම ඔයාට ආදරෙයි, මම ඔයාට ආදරෙයි, මම ඔයාට ආදරෙයි.." කියලා ලියලා නෑ කියල නම් ලියන්න එපා. ඈයි පරක්කු වෙලා ඉස්කෝලෙ ඈවිත් හැන්දෑවෙ වැඬිපුර පැයක් ඉදගෙන කලු ලෑල්ල පිරෙන්න "මම නැවත ප්‍රමාද නොවෙමි" කියල එහෙම. (මම නම් ඉතින් A/L අවුරුදු දෙකේම ඉස්කෝලෙ ගියෙ 8.15 කෝච්චියෙනෙ). ඔය වැඬේ ලේසියන් කරගන්න විදියක් ගැන ඔයාලට හිතිලා නැද්ද? නෑ නෑ, select කරලා ctrl+c ගහලා ctrl+v ඔබන් ඉන්න ඔට්ටු නෑ හොදේ. programming කරද්දි මතක තියාගන්න අත්‍යවශ්‍ය නම් විතරක් clipboard එක පාවිව්චි කරන්න.

මතකනෙ කලින් ලිපියෙන් හලෝ පාරක් දැම්මා. මේ වතාවෙ දහ දොලෝස් ගමනක් හලෝ කියලා බලමුද? programming කරන කට්ටිය ඉතින් දැනටමත් දන්නවනෙ loop කරන්න එක එක techniques හැට හුටාමාරක් තියනව කියලා. තමන්ගෙ කැමැත්තට/අවස්තාවට අනුව පාවිච්චි කරන technique එක තෝර ගැනිල්ල ඔයාට බාරයි. අපි ඉතින් හුරු පුරුදු while එකෙන් වැඬ අල්ලමුකො. කතන්දරේ හරිම සරලයි. අපි කවුරුත් ප්‍රකාශන ගැන දන්නවනෙ. '10 > 5' කිව්වොත් කතාව ඈත්ත, 'ගෑනු චපලයි' කිව්වොත්?, 'මර්වින් අහින්සකයා' කිව්වොත්? අන්න ඔය වගේ ප්‍රකාශනයක් උදව් කරගන තමයි අපි loop කරන්නෙ. අපි while කියලා ඊලගට දෙන්න ඕනා මේ ප්‍රකාශනය. එතන ඉදලා end වෙනකන් තියන විධාන ඔක්කොම නැවත නැවත ක්‍රියාතමක වෙනවා අර while ලග තියන ප්‍රකාශනය බොරු වෙනකම්.

while true
commands to be executed
end

එයා කරන්නෙ while ලග තියන ප්‍රකාශනය ඇත්තද කියලා බලලා ඇත්ත නම් loop එක ඇතුලට යන එක. ඊට පස්සෙ end වලට වෙනකන් තියන විධාන ටික කරගෙන ගිහිල්ලා ආපහු while ලගට පැනලා බලනවා අර ප්‍රකාශනය ඇත්තද කියලා. ඇත්ත නම් ආපහු ඇතුලට යනවා. ඔහොම කැරකිලා කැරකිලා අර ප්‍රකාශනය බොරු වෙච්චදාක තමයි loop එකෙන් එලියට එන්නෙ. ඔය විදියට සත්‍ය නෙවෙන ප්‍රකාශනයක් එක්ක තියන (ගියොත් ආපහු එනව බොරු ජාතියෙ) loop එකකට never ending loop එකක් කියලා කියනවා කියලා නම මතක නැති පැරණි පුස්ථකයක සදහන් වෙනවා. (ඔය හේතුව නිසා තමයි loop එකක ප්‍රකාශනය එක විදියට 'ගෑනු චපලයි' වගේ එකක් දාන්න හොද නැත්තෙ) ඕං එහෙනම් වැඬේ හරියට තේරෙන්න පොඬි code කෑල්ලක් ලියලා බලමුකෝ.

count= 0
puts 'ඔන්න ඇතුලට යන්නයි හදන්නේ'
while count < 5
puts 'දැන ඈතුලේ ඉන්නේ'
count=count+1
end
puts 'එලියට ආවෝ'

ආ.. මතක තියාගන්න මම උදාගරනෙට අර 'ගෑනු චපලයි' වගේ කතා කිව්වට code එකේ ඔව්ව ඔටිටු නෑ හොදද? ඔයා ඒ ප්‍රකාශනේ කරන්න ඕනා ඉලක්කනුයි operators යි (සිංහල වවනෙ දනෙනෙ නැතෝ..) පාවිච්චි කරගෙන. පේනවා නේද count=0 කියලා කතාවක්. ඒ කරලා තියෙන්නෙ count කියල variable එකක් හදාගෙන ඒකෙ අගය විදියට බිංදුව දෙන එක. while count <5 කියලා බලද්දි count වල තියෙන්නෙ බිංදුව නෙ. බිංදුව පහට වඬා පොඬී නේ. ඉතින් යනවා ඇතුලට. අර තියන එක execute කරලා, count=count+1 කිව්වම එයා count වලට එකක් එකතු කරගන්නවා. කතාව පැහැදිලි වෙන්නයි ඔහොම ලිව්වෙ. count+=1 කිව්වත් ඔය වැඬේම තමයි වෙන්නෙ. end දැක්කම එයා ආපහු යනවා while ගාවට. දැන් count වල තියෙන්නෙ 1 නේ. ඒත් තාම 5 ට වඬා count පොඬී නේ. ඉතින් යනවා ඇතුලට. ඔහොම ඔහොම count=5 වෙච්චම count<5 කියන ප්‍රකාශනය බොරු වෙනවනෙ. එතකොට loop එකෙන් එලියට ඇවිත් ඊට පස්සෙ තියන දෙයක් කරගෙන යන්න තමයි තියෙන්නෙ.

while එක්ක loop කිරිල්ල තේරුනා මගෙ හිතේ. නෑ වගේ නම් අහන්නකො..

හ්ම්හ්... ජයවේවා කිව්ව එහෙනං.

17 comments:

Siribiris said...

අපූරුවට හරකට වගේ තේරුණා. මුංනෑහෑට හොදට ලියන්න පුලුවනිනෙ.ඔහොම යං ආයිබෝං(ආයි බොමු!)

GNS said...

එළ එළ... :)

--

එකයි + එකයි = කීයද දැං? :D

budhajeewa said...

හොඳා හොඳා..

Unknown said...

LazyOwl,
බොමු බොමු..

ගයන්ත,
එකොලහඊඊඊඊ...

Supun,
තැන්කූ...

පොතේ ගුරා said...

කවුද බන් පොතේ ගුරා කියන්නෙ?හම්බුනොත් කියපන් මතක් කළා කියල!
:P උඹ මේ ලියන විදිය නිසා අන්ධයෙක් වගේ මැණික් කැටේට පයින් ගහන්න හිතෙන්නෙ නෑ..එළම තමයි!

Rasika Nanayakkara said...

එළ...

හැබැයි ලොක්කා 1ක් තියෙනවා කියන්න, පංතිවලට පොලු තියන 1නම් හොද පුරුද්දක් නෙමේ.

අවවාදයයි,
මීට පසු නච්ච ගීත වාදිත විසූක දස්සන හා බීම සදහා සතියේ දවස් යොදාගන්න.

ජය වේවා...

Unknown said...

පොතේ ගුරා,
මහා වදකාරයෙක් බන්.. හම්බ උනොත් කියන්නම් කො.

රනා,
අනේ බන් ඉතින් මම කියලා රස්සාව කරගන්නත් එපැ.

Lakshan said...

There's much easy and elegant way to do this in Ruby..

puts 'ඔන්න ඇතුලට යන්නයි හදන්නේ'
5.times do
puts 'දැන ඈතුලේ ඉන්නේ'
end
puts 'එලියට ආවෝ'

සිංහ said...

අනේ මං ඔය programming වගේ දේවල් තේරෙන එකෙක් නෙවෙයි. ඒත් මට එකක් තේරුනා... anthraX ගොය්යා මට බොන්නනම් එලටම සෙට් වෙන බුවෙක් කියලා... මොකද කියන්නේ...?

Unknown said...

Lakshan,
එල කොල්ලෙක් නෙ. ඔහොම උනන්දුව තියනවනම් මොනා කරන්න බැරිද

සිංහ,
ඔය තේරිලා තියෙන්නෙ අපූරුවට. දැන් කවදද අපි සෙට් වෙන්නෙ? අපිත් සිංහ වන්ශෙ තමා ;)

මාස්ටර් said...

උඹේ උදාහ‍රණ පාරවල් ටික නම් මාරයි මචං.

Unknown said...

තැන්කූ තැනකූ :D

Jay said...

එළ එළ..

මනුසත් said...

කාලෙකින් බ්ලොග් එක අප්ඩේට් වුනේ නැත්තේ ඇයි?

වන්නි said...

කෝ දැං ලියන්නේ නැද්දෝ...

Unknown said...

මනුසත්, කුෂාන්
සමාවෙන්නෝනා. පිලිවෙලකට යමක් ලියන්න සෙට් උනේ නෑ හරි හමනකට. අනිත් බ්ලොග් එකට නම මොනව මොනව හරි ලියවුනා. ඉක්මනට ලිපියක් දාන්නම් මේකටත්. ඉස්තුතියි හොයල බලනවට :)

Generic Cialis said...

Interesting article....